Daily life - Education
'Little Birds' - Web Magazine in Rambuka Maha Vidyalaya - 7A



ආදරණීය නැන්දේ මාමේ,

අපේ රටේ ඇති වෙලා තියෙන කොවිඩ් තත්වය හෙතුවෙන් අප පංති කාමරයට පරිගණකයක් ලබාදීම සමිබන්දයෙන් ඔබ සැමට මාගේ හද බැදි ස්තුතිය පුද කර සිටිනවා. අපගේ විශයට අදාල තොරතුරු මෙන්ම බාහිර විෂය කරුණු කාරණාද දැනගැනිමට මෙය මහාගු පිටුවහලක් වනූ ඇත. මේ කරන සත්කාරයට ස්තුති පුද කිරිම පමණයි අපට දැනට කල හැක්කේ මෙ පමනයි.එනමුත් ඔබලා විසින් මෙි කරන සත්කාරයට ප්‍රතිසත්කාරය වශයෙන් අපට කල හැක්කෙ ඔබලා අප වෙනුවෙන් මේ ලබා දෙන පරිගණක වලින් උපරිම ප්‍රයෝජන ගෙන අපගේ වැඩ කටයුතු සාර්ථක කර ගැනිමට කටයුතු කරන බවත් එමගින් අපට ඉදිරියට පැමිණෙන සියලු විභාග ඉහලින්ම සමත්ව විමට අපි මෙම පරිගණය පිටුවහලක් කර ගන්නෙමු.
බොහම ස්තුතියි නැන්දේ මාමෙි!!
පරිසරය අවට පිරිසිදුව තබා ගැනීම අපේ වගකීමයි. පරිසරය අලංකාරය සඳහා ගස්වැල් අපිට ඉතාමත් වැදගත් වන අතර එම ගස් වැල් කපා දැමුවොත් පරිසරයේ ඇති අලංකාරය විනාශ වී යනවා. එම හේතු නිසා අපේ රටේ තියෙන විශාල සම්පත් අහිමි වෙනවා. අපි එම සම්පත් රැකගෙන අපිත් රටත් ආරක්ෂා කර ගනිමු. අපේ රටේ සම්පත් කියන්නේ ඇළ දොළවල්,සත්තු,කඳු වැටි,වගේ දේවල් ඒවා විනාශ කළහොත් අපේ රටේ සම්පත් විනාශ වෙනවා විතරක් නොව අපිත් අපිත් විනාශ වෙනව ඒ නිසා පරිසරය ආරක්ෂා කර ගනිමු .
අනවශ්‍යය අපද්‍රව්‍ය වන කුණු කසල, කඩදාසි, ප්ලාස්ටික් සහ වෙනත් කෘතිම සංයෝගවලින් නිපදවූ ද්‍රව්‍ය ලෝහ සහ දැව වලින් ඒවා ඝන අපද්‍රව්‍ය වලින් අයත් වෙයි, ඒවා බිලියන ගණනාවක් වන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණයක් වසරට ඉවත දමනු ලැබේ. ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් සෑම වරකට නගාරික ඝන අපද්‍රව්‍ය ටොන් මිලියන 200ක් පමණ නිපදවේ අර්ථික වශයෙන් සංවර්ධනය වූ රටවල් වල නාගරික බහුල වශයෙන් වැනි ඝන අපද්‍රව්‍ය නිපදවන අතර සෑම රටකම එය ඉතා බරපතළ ගැටලුවක් භාවයට පත් වී ඇත එපමණක් නොව සංවර්ධිත රටවල නිපදවන ඝන අපද්‍රව්‍ය අතර දිරා නොයන තිම සංයෝග සහිත අපද්‍රව්‍ය ද විශාල වශයෙන් පවතී නමුත් සංවර්ධන වන රටවල නිපදවන ඝන අපද්‍රව්‍ය වලින් බොහෝමයක් මූලික වශයෙන් දිරා යන ද්‍රව්‍යයයි.
7 A පංතියේ අපේ යාළුවෝ මේ සඟරාවට ලිපි එවන්න ඊ මේල් එකකින්.
අපේ පංතියේ ඊ මේල් එක - rmvgrade7a@gmail.com
ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පීන්

මුහුදු මට්ටමේ සිට අඩි 1214ක් උසින් වන ළැහැබක් තුළ පිහිටි කඳු ගැටයක් මත වූ ගල් පර්වතය මුදුනේ පැරණි රජ මාළිගාව හා වෙනත් ගොඩනැගිලි වල නටබුන් අදටත් දක්නට ලැබේ. ගල මුදුනේ නටබුන් සහිත ප්‍රදේශය අක්කර තුනක් පමණ වේ. ගලමුදුන දක්වා අතීතයේ ඉදිකර තිබූ මාවත වූ කලී පඩි පේලි, පාලම්, ප්‍රකාර ආදියෙන් යුත් අපූර්ව නිර්මාණයකි ගලේ දුෂ්කර කොටසට නැගීමට තිබූ මාර්ගය සිංහ මුඛය කින් ආරම්භ විය. එකී ප්‍රතාපවත් සිංහ රූපය නිසා මේ ස්ථානයට සීහගිරි හෙවත් සීගිරි යන නම යෙදූ බව පෙනේ සිංහ රූපය සහිත ප්‍රදේශයට පැමිණීමට පෙර ගමන් මාර්ගයේ ආරක්ෂාව සඳහා තනවා තිබූ දික් පවුරේ ඇතුළු පැත්ත බොහෝ ඔප මට්ටම් කොට තනවා තිබුන. එය කැටපත් පවුර ලෙස ප්‍රකට ය එම පවුරේ ලියා ඇති ගී, සීගිරි කුරුටු ගී ලෙස හැදින්වේ.
සීගිරි සිතුවම්

සීගිරියේ පියගැටපෙළ ඉහළට නැගීමෙන් පසුව ලෙන් තුළ ඇති සීගිරි සිතුවම් දැකිය හැකිය. පර්වතය පාමුල ඇති ලෙන්වල ද සිතුවම් කොටස් දැකිය හැකි නමුත් සීගිරි සිතුවම් ලෙස වඩාත් ප්‍රචලිත, පර්වත කෙවෙනිවල ඇතී ස්ත්‍රී රූප වේ. වලාකුළුවලින් මතුවූ උඩුකය පෙනෙන ස්ත්‍රී රූප ලෙස මෙම සිතුවම් නිර්මාණය කර තිබේ. වසර 1500ක් තරම් පැරණි මෙම සිතුවම් විශිෂ්ට කලා නිර්මාණ ලෙස ලෝකය පුරා ප්‍රසිද්ධයට පත්ව තිබේ.
පලමු සේන රජු

පලමු සේන රජු යනු මානවම් පරපුරට අයත් දෙවන දප්පුල රජුගේ පුතෙකි. දෙවන දප්පුල රජු වසර 16ක් පමණ රජකම් කොට මියයාමෙන් පසුව ඔවුන්ගේ පුතෙක් වූ නම් වන අග්ගබෝධි බලයට පත් විය. ඔහුගේ පාලන කාලය වසර 3 කි. අනතුරුව අග්ගබෝධි ගේ සහෝදරයා වූ පළමු වන සේන රජු ක්‍රිස්තු වර්ෂ 833 දී රජකමට පත් වූයේ ය. පළමු වන සේන රජුගේ පල කාලය වසර විස්සකි. ඔහුගේ පාලන කාලයේ මුල් භාගයේ දී ලංකාවට පාණ්ඩය ආක්‍රමණයක් එල්ල විය. මේ කාලයේදී දකුණු ඉන්දියාවේ ාණ්ඩය රාජ්‍ය බලවත් වෙමින් පැවතිණි. ශ්‍රී මාර ශ්‍රී වලගම්බා නම් පාන්ඩේ රජු විශාල හමුදාවක් සමග ෙරට ආක්‍රමණය කළ විට පළමුවන සේන රජුගේ හමුදාව පරාජයට පත්විය. සේන රජු වෙනුවෙන් සටන් බිමට ගිය රජුගේ සහෝදරයකු යුවරජු මහින්ද කුමරුන් හා ආදිපාද කස්සප කුමරුන්ද සටනේ දී මියගොස් ඇත. තම හමුදාව පරාජයට පත්වීමත් සමග පළමු වන සේන රජු ආරක්ෂාව පතා මළේය ප්‍රදේශයට පලා ගියේය. අනුරාධපුර නගරයට ඇතුළුවූ පාණ්ඩය හමුදාවෝ එම නගරය මුළුමනින්ම කොල්ල කෑහ. පසුව පාණ්ඩය රජු හා සේන රජු අතර සාම ගිවිසුමක් ඇති වු හෙයින් පාණ්ඩ්‍යයෝ සේන රජුට රාජ්‍යය පවරා ආපසු ඉන්දියාවට ගියහ. මේ ආක්‍රමණයේ අරමුණ ලංකාව යටත් කර ගැනීමට වඩා වටිනා වස්තුව කොල්ලකෑම බව පෙනේ. නැවත අගනුවරට පැමිණි පළමුව සේන රජු ආක්‍රමණික හමුදාව තින් විනාශ වූ ප්‍රදේශ යළිත් යථා තත්ත්වයට පත් කිරීමට වෙහෙසුණි. ඊට අමතරව රිටිගල, ජේතවනාරාමය, අභයගිරිය වැනි විහාරාරාම ශ්‍රිතව නව ඉදිකිරීම් රැසක් ද කරවා තිබේ.
පිරිසිදු ජලය

කායික යහපැවැත්ම සදහා පිරිසිදු ජලය භාවිතය වැදගත් වෙි. පානය කීරිම, ඇග සේදිම හා ස්නානය, ඇදුමි පිරිසිදු කීරිම ආදියට පිරිසිදු ජලය අවශ්‍ය වෙි. විෂබිජවලින් මෙන් ම නොයෙක් කෘෂි රසායන හා කර්මාන්ත ශාලා අපද්‍රවය ද ජල දුෂණය විය හැකි ය. ‌එබැවින් භාවිත කරන ජලය අපිරිසිදු විම වළක්වා ගැනිමත් ජල සමිපත සීමිත බැවින් අරපිරිමැස්මෙන් භාවිත කීරිමත් කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙි. පානය සදහා පිරිසිදු ජලය යොදා ගැනිම ඉතා වැදගත් ය. මෙි සදහා උතුරවා නිවා ගත් ජලය වඩා යෝග්‍ය වෙි. පෙරන භාවිතයෙන් ද ජලය පවිත්‍ර කර ගත හැකි ය. පාසල් යන වයසේ ඔබ සාමාන්‍යයෙන් දිනකට ජලය 1.5ත් 2ත් අතර ප්‍රමාණයක් පානය කළ යුතු වෙි.
එස්. මහින්ද හිමි

ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් යනු, මෙරට ජාතික වීරවරයන් ගැන කියවෙන අවස්ථාවන්හි දී නො වැරදී ම සදහන් වන සුවිශේෂ නාමයකි. සුවිශේෂත්වය වන්නේ අප රට ගැන, ඉමහත් වාත්සල්‍යයකින් ලියූ-දෙසූ උන් වහන්සේ උපතින් ශ්‍රි ලාංකිකයෙකු නො වීම ය.

උන් වහන්සේ 1901 දී ටිබෙට් රටෙහි සිකීම් දේශයේ උපත ලැබීය.ටිබෙට් රටෙහි තෂි නම්ග්‍යල් පෙළපතට අයත් මහින්ද හිමි ඇස්.කේ.තෂි නම්ග්‍යල් ලෙස මුලදී හදුන්වා ඇත.වයස අවුරැදු දොළහේ දී පමණ සිය පැවිදි සොහොයුරා සමග කුඩා තෂි ලංකවට පැමිණ ඇත.
මුලින් ම පොල්ගස්දූව ආරාමයේ නැවතී,කොළඔ විද්‍යයෝදය පිරිවනට බැදී ඉගෙන ගත්තේය.එම කාලයේදී ම මරදානේ මහාබෝධි විද්‍යාලයෙන් ඉංගීුසි ඉගෙනීමටත් ‌ඔහු කටයුතු කලේය. 1951 මාර්තු 16 දා මේ උද්යෝගිමත් බුද්ධපුත්‍රයන් වහන්සේ හදිසියේ අපවත් විය..



| Home | 6A | 6B | 7A | 7B | 8A | 8B | 9A | 9B | 10A | 10B | 11A | 11B | 12A |

'Little Birds' - Web Magazine in Rambuka Maha Vidyalaya - 7A (Daily life - Education)    -    Author : Wijewardana - Sri Lanka



6131 visitors since 2010-11-01
Last update : 2021-10-27

Blog-City.info >> Daily life >> Blog #16467

Create your own
WEBSITE !
Make new friends all over the World !
Make penpal friends with StudentsoftheWorld.info

Visit France !

User #
multi-author area
(1-30)
Password :
website author area
Password :
Forgot password? - unpublish