Daily life - Education
'Little Birds' - Web Magazine in Rambuka Maha Vidyalaya - Home



School e-Magazine of Rambuka Maha Vidyalaya
රඹුක මහා විද්‍යාලයේ පාසල් සඟරාව
2021 - අගෝස්තු කළාපය


රඹුක මහා විද්‍යාලයට සියළුම පංතිකාමර ආවරණය කෙරෙන ජාලගත පරිගණක පද්ධතියක් පරිත්‍යාග කෙරේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ අලෙවි කළමනාකරණ අධ්‍යයන අංශයේ 2004/2005 කණ්ඩායමේ විද්‍යාර්ථීන් එකමුතුවක් මගින් මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබීය.
අන්තර්ජාල සම්බන්ධතා සමග දුරස්ථ අධ්‍යාපන කටයුතු සඳහා ඇවැසි උපාංග ද සහිතව පරිත්‍යාග කළ මෙම පරිගණක කට්ටළ පාසල් නිවාඩු කාලය තුළදී එම පහසුකම් නොමැති සිසු සිසුවියන් පිරිසක් වෙත අද දින භාරදෙන ලද අතර
පාසල් ආරම්භ වීමෙන් පසු එම දරුවන්ගේ පංති කාමර තුළ ස්ථාපනය කරනු ඇත. එමගින් පාසල් ඉගෙනුම් කළමණාකරණ පද්ධතිය මූලික කරගත් තොරතුරු තාක්ෂණික හා දුරස්ථ ඉගෙනුම් පහසුකම් තම පංතිකාමර තුළදී ලබාගැනීමට සිසු දරුවන්ට අවස්ථාව උදාවනු ඇත.
සියළුම සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව අද දින පාසලේදී පැවැත්වූ මෙම පරිගණක පරිත්‍යාග කිරීමේ වැඩසටහනට සම්පත්දායකයින් නියෝජනය කරමින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කළමණාකරණ පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය හර්ෂ තිසේරා මහතා, ආසිරි රෝහල් සමූහයේ සන්නාම කළමණාකරු ශාලික සුරවීර මහතා සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක, VYS International ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක වෙනුර ලියනගේ මහතා සම්බන්ධ විය.
එසේම සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ලක්මාල් එරන්ද මහතා සහ නිවිතිගල කලාපීය තොරතුරු තාක්ෂණික අධ්‍යක්ෂ නිරාෂා උදයන්ගනී මහත්මිය ද Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් මෙම සභාව අමතන ලදී. පාසලේ ආචාර්ය මණ්ඩලයට හා අනෙකුත් සිසු සිසුවියන්ට නිවසේ සිට මෙම අවස්ථාව නැරඹීමට Zoom තාක්ෂණික පහසුකම් මෙහෙයවන ලද්දේ නිවිතිගල කලාපීය තොරතුරු තාක්ෂණික මධ්‍යස්ථානයේ සම්පත් උදයකුමාර මහතා විසිනි.
2021.07.23
Editors of the Magazine

6A. P.K. Nehan.
6B. B.A. Nethmi Sanjana
7A. P.K.A. Kaveesha Sathsarani.
7B. H.M. Nimesha Sathsarani.
8A. P.A. Danajana Darshani
8B. K.Hirini Kaveesha.
9A. P.P. Tharushi Imalsha.
9B. T. Janith Chathuranga.
10A. K.G. kaweena kaushali.
10B. A.A. Amasha.
11A.
11B. K.Rashmika Shenal.


This is an online magazine designed to showcase the creations of the students studying in the classrooms with the help of computers with internet connections provided for the classrooms.

රඹුක මහා විද්‍යාලයේ පංති කාමර සඳහා ලබාදී ඇති අන්තර්ජාල සම්බන්ධතා සහිත පරිගණක ඇසුරෙන් එම පංතිවල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ නිර්මාණ එළිදැක්වීමට සකස්කළ අන්තර්ජාල සඟරාවකි.

ර/ රඹුක මහා විද්‍යාලය සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, කලවාන අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටා ඇත. පාසල ආරම්භ වී ඇත්තේ 1869.01.10 දිනයි. එහි ආරම්භක ගුරු සංඛ්‍යාව දෙදෙනෙකි. ආරම්භක විදුහල්පති මහවලතැන්න මහතාය. 1907 පාසල දැනට පවතින ස්ථානයට ගෙනැවිත් ඇත. විද්‍යාලයේ නව දියුණුවක් ඇති වූයේ 1924 දී මෙය මිශ්‍ර පාසලක් බවට පත් වීමත් සමගය. 1971.01.02 වන දින මහා විද්‍යාලයක් බවට පත් වුණි. මේ වන විට මෙම පාසල උසස් පෙල කලා වාණිජ අංශ සහිත ද්වීතීයික පාසලකි. වර්තමානයේ ගුරුවරුන් 32 ක් සේවය කරති. ශිෂ්‍ය සංඛ්‍යාව 483 පමණ වේ. හෙක්ටයාර තුනක් පමණ භූමි ප්‍රදේශයකින් අප පාසල සමන්විතය. අප පාසල උඩපත්තුවේ ඇති ප්‍රධානතම පාසලයි. අප පාසල ට 2019 වසරේදී 13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන ලැබුනි. අපි අපේ පාසලට ආදරය කරමු.











| Home | 6A | 6B | 7A | 7B | 8A | 8B | 9A | 9B | 10A | 10B | 11A | 11B | 12A |

'Little Birds' - Web Magazine in Rambuka Maha Vidyalaya - Home (Daily life - Education)    -    Author : Wijewardana - Sri Lanka



6189 visitors since 2010-11-01
Last update : 2021-10-27

Blog-City.info >> Daily life >> Blog #16467

Create your own
WEBSITE !
PICTURES OF FRANCE


Visit France !

User #
multi-author area
(1-30)
Password :
website author area
Password :
Forgot password? - unpublish