Daily life - Education
'Little Birds' - Web Magazine in Rambuka Maha Vidyalaya - 10B



ආදරණීය නැන්දේ මාමේ,
අප පාසලේ සෑම පංති කාමරයකම පරිහරණය සදහා පරිගණක ලබාදීම සම්බන්ධයෙන් ඔබ සැම දෙනාටම අපගේ හදපිරි ප්‍රණාමය පුද කර සිටිමු... අප සැම දෙන පංති කාමරයේදී අධ්‍යාපනය ලබන විට අපගේ සාමාන්‍ය දැනුම වර්ධනය කර ගැනීම සඳහා මෙම පරිගණක මහගු පිටුවහලක් වනු නියතය.අපසැම යහපත් පරිශීලකයන් ලෙස මෙය භාවිතා කිරීමට වගබලා ගන්නා බවට පොරොන්දු වන්නෙමූ....
🙏🙏

Request forever...
My School

My school name is R/Rambuka Maha Vidyalaya.It is in Sabaragamuwa province and Rathnapura district.It is beautiful school in this area.My school principal name is Mr.Anura Gamarachchi and my school vice principal is Thanabela Anoma thero.My school has 30 teachers and 500 students.Teachers are good .They are encourage us always.My school has many buildings and many beautiful flowers.My school became a national school in this year.It was a good news for our school teachers,students,parents and all others.And also our school received several computers on 23rd of July in this year. These computers help with our school works.My school hold house meet year by year. Because the corona pandemic we can't hold houe meet in this year and last year. Our school have won many competition.Because we can proud of our school.OUr school 12-A students organize a competition year by year.The purpose of the event is to encourage students and improve students knowledge.


..... I LOVE MY SCHOOL AND REQUEST FOREWER .....
ජන කවි

දිවි පෙවෙත සොයා ගන්නට ඇග වෙර සිද වෙහෙසෙන ගම්බද ජනයාගේ සිරුරින දහදිය බිදු නැගිී වැගිරෙන්නාක් මෙන් ඔවුන්ගේ මුවින් පද්‍යය ගිලහෙයි.මේ පද්‍ය ගම් වැසියන්ගේ එදිනෙදා ජීවිතය හා දැඩි ලෙස බැදි ඇත.ජන කවියන්ගේ රචනයන්හි ගැබ් වන හැගිිම් ඔවුන් තුළ හටගන්නේ ජිිවිතයෙහි හැටි සැලකිිමෙනි.එනිසාවෙන් මිනිස් ජිිවිතයේ සැටිත්,ජනකවියෙන් දත හැකි ය. ජී.බී.සේනානායක ශූරීන් ජන කවිය හා ජන කවියන්ගේ රචනාවන් ගැන විවිධ අදහස් දක්වා තිබුණි.

" දුප්පත්කමට ගැල් බැදල දක්වනවා
කන්ටත් නැතිව දිව රෑ අප වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක් වද දී අපි ගෙනියනවා
දැන්වත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා "

ලොරිවල පටවා කන්ටේනර්වල පටවා බඩු එහා මෙහා ගෙන නොගිය කාලේ ගොන් බැදි කරත්තය සහ ගැල් කරුවා සමාජයේ අවශ්‍යම අංගයන් විය.ගැල් බැදලා දක්කන මොවුන් කන්න බොන්නවත් නැතිව අධික වෙහෙසක් දරා සිරුරෙන් ඩහදිය හෙලා මෙවන් රක්ෂාවක් කරන්නේ ඒ ගැමියාගේ දුප්පත්කම නිසාවෙනි.ජිිි.බිි.සේනානායක ශුරිින් මේ පිළිබදව පවසන්නේ ඔවුන්ගේ සිරුරෙන් ඩහදිය බිදු වැගිරෙන්නාක් මෙන් මුවින් පද්‍යය ගිලිහෙන බවයි.ගැමියාට ජිිවිතයේ දුක නිවාගැනිිමට කවිය මහගු සේවයක් කරයි.ගැල් කරුවා යනු හැගිිම්බර මෙන්ම දයාබර පුද්ගලයෙකි.ඔහු තමාගේ ජිිවිතයේ දුක පිළිබද කිසිදු දොසක් කිසිවෙකුට පවසන්නේ නැත.ඔහු ගොනාට වද දෙමින් ගොනාව දක්කාගෙන යාම පිළිබදව තැවුලක් ඇති කර ගනිි.ඉහත පද්‍යයේ අවසාන පේළියේ දක්වා ඇති ආකාරයට මෙතෙක් කලක් දෙවියන් ගොවියාගේ දුක දෙස නොබලා ඇති බවයි.නමුදු ඔවුන් තවමත් දෙවියන් කෙරෙහි විශ්වාසය තබා දෙවියන්ගෙන් පිහිට පතනුයේ ඇසට පෙනෙන මානයේ සිටින බලවත්,ධනවත් මිනිසුන්ගෙන් පිහිටක් නොලැබෙන නිසාවෙනි.

" කිරි කෝඩුල වන්දවන්න
සමන් දෙවිදු පිහටවන්න
එනමත්තේ බුදු මගුලට
කෝඩුු සමග අපි එනවා "

අපේ සංස්කෘතිය බුදු දහමේ ආශිර්වාදයෙන් ඔප් නැංවූ එකකි.ආත්මාරථයට ඉඩ නොදුන් මේ ජන කවියා "එනමත්තේ බුදු මගුලට කෝඩු සමග අපි එනවා"යැයි පවසනුයේ තනිවම පින් කර නොගන්නා සංස්කෘතිය තුළ වැඩෙන අපේ ජාතිය තමාද නැගිටිමින් තවකෙකුගේ අතකින් අල්ලා නැගිට්ටවන්නට සූුදානමින් සිටි හෙයිනි.මෙවැනි ජන කවි වලින් ලබාදෙන ආදර්ශය ඉතා අගනේ ය.එනිසාවෙන් මෙම ජන කවි අපෙන් ගිලිහිි යාම වළක්වා ගැනිිමට සැවොම අත්වැල් බැද ගනිමු.


ජිිවිතය විද්‍යාවේ දියුණුවට කැප කළ - අයින්ස්ටයින්

ඇල්බට් අයින්ස්ටයින් උපත ලැබුවේ 1879 වසරේ මාර්තු මස 14 වන දින ජර්මනියේ යුල්ම් නගරයේදීි ය.පසු කලෙක ලොව පහළ වූ විශිෂ්ටතම විද්‍යාඥයෙකු බවට පත්වූවත් අයින්ස්ටයින් කුඩා කාලයේ දීි ඉගෙනිිිමේ දක්ෂයෙකු නොවිි ය.ජර්මනියේ මියුනිච්හි පාසලක ඉගෙනුම ලැබූ ඔහු පාසල් යාමට ද එතරම් කැමැත්තක් නොදැක්වී ය.වයස අවු.12 තරම් වූ කුඩා කාලයේ දිිම තමා විශ්වයේ ගැටලු විසදීිමට ක්‍රියා කරන බව පැවසූවත් ඔහු ඒ වන විටත් ඔහු විභාග කිහිපයකින්ම අසමත්ව සිටියේ ය.වයලීනය වාදනය කිරිම කුඩා කල ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වූ අතර සම්භාව්‍ය සංගිිතයට ද ඔහු දැඩි ලෙස ප්‍රිය කළේ ය.අයින්ස්ටයින් කුඩා කල සිටම සංගිිිතයට දැක් වුු ලැදියාව නිසා පසුකලක දීිි විද්‍යා දේශන හා සම්මන්ත්‍රණ ආදියට සහභාගීිවිිමේ දීි ඇතැම් අවස්ථාවල වයලීීනය ද ඇති බව සදහන් වේ.

1880 දශකයේ අග භාගයේ දි අයින්ස්ටයින්ගේ දිවියේ පෙරළියක් ඇති විය.මැක්ස් ටොල්මඩ් නම් වෛද්‍ය සිසුවෙකු විසින් කුඩා අයින්ස්ටයින්ට විද්‍යාව හා ගණිතය ඉගැන්වීිම ඇරඹිිම ඊට හේතු විය.මෙයත් සමගම විවිධ විද්‍යාත්මක පර්යේෂණ කෙරෙහි අයින්ස්ටයින්ගේ උනන්දුව වර්ධනය විය.නමුත් පවුලේ ආර්ථිකය කඩා වැටිිමත් සමග 1890 දශකයේ මැද භාගය වන විට ඔහුගේ පාසල් ගමන තාවකාලිකව නතර වූ අතර ජර්මනිය අතහැර යාමට ද සිදු විය.අයින්ස්ටයින්ගේ දක්ෂතා හදුනාගත් මවුපියන් නැවතත් ඔහුව ස්විට්සර්ලන්තයේ පාසලකට ඇතුළත් කරන ලදි.1900 දීි අයින්ස්ටයින් භෞතික විද්‍යාව පිළිබද උපාධියක් ලබාගත් අතර 1905 දිි ස්විට්සර්ලන්තයේ සූර්ච් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබා ගත්තේ ය.මේ කාලයේ දීි අයින්ස්ටයින් පළ කල විද්‍යාත්මක න්‍යායයන් ලෝකයේ මහත් ආන්දෝලනයනකට තුඩු දෙන්නට හේතු විය.සාපේක්ෂතාවාදය පිළිබද සාමාන්‍ය හා විශේෂ න්‍යායන් මගින් ඔහු ගෙනහැර පෑ කරුණු එතෙක් පැවති විද්‍යාත්මක ගැටලු රාශියක් විසදීමට ද හේතු විය.එතෙක් පිළිගෙන තිබූුු අයිසැක් නිවුටන් විසින් ඉදිරිපත් කළ ඇතැම් සිද්ධාන්ත හා මත කිහිපයක් ද සංශෝදනය කිරිිමට ද අයින්ස්ටයින්ගේ මතය හේතු විය.

අයින්ස්ටයින් විසින් පදාර්ථයේ සහ ශක්ති‍යේ සම්බන්ධතාවය දක්වමින් ලොව ප්‍රකට E=mc2 සූත්‍රය ඉදිරිපත් කරන ලද්දේද මේ සමයේදීය.1914 දී නැවතත් ඔහු ජර්මනියේ පදිංචියට ගිය අතර 1921 දී මොහු භෞතික විද්‍යාව වෙනුවෙන් පිදෙන නොබෙල් ත්‍යාගය හිමි කරගැනීමටද සමත් වය.මේ වනවිට ඔහු ලොව පුරා ප්‍රකට විද්‍යාඥයෙකු බවට පත් වී හමාරය.ජර්මනිය හිට්ලර්ගේ ග්‍රහණයට පත් වූ පසු ඔහු යුදෙව් ජාතිකයෙකු වූ නිසා ඇමෙරිකාවට සංක්‍රමණය විය.එහිදී ප්‍රින්ස්ටන් සරසවියේ ඉගැන්වීමේ කටයුතුවල නිරත විය.1940 දී ඔහු ඇමෙරිකා එක්සත් ජනපද පුරවැසිකමද ලබාගත්තේය.1952 දී ඊශ්‍රායලය විසින් අයින්ස්ටයින්ට සිය රටේ ජනපතිධූරය පිරිනැමූ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය.ලෝකයේ සාමය ඇත්කරවීමට කැපවීමෙන් ක්‍රියාකළ ඔහු යුධකටයුතු සදහා පරමාණු බෝම්බ යොදාගැනීම පිළිබද සිය විරෝධය පෑවේය.1955 අප්‍රේල් මස 18 වන දින ඇමෙරිකාවේ නිව්ජර්සිහිදී මෙලොවින් සමුගත් අයින්ස්ටයින් තම ජීවිත කාලයම විද්‍යාත්මක සොයාගැනීම් වෙනුවෙන් කැපකළ අපූර්ව විද්‍යාඥයෙකි.මොහු මියගිය පසු ඔහුගේ මොළය ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් සරසවියේ සංරක්ෂණය කර පවතී.


තම ජීවිත කාලය පුරාවටත් මරණින්
මතුවත් විද්‍යාවේ දියුණුව වෙනුවෙන්
ක්‍රියාකළ අයෙක් වේ නම් ඒ අයින්ස්ටයින්ම
පමණි.......
Sports as an important part of our life

A sport I an activity involving physical exertion and scill in which an individual or team comperes against another or other for entertainment. Engagin in sports can give a considerable amount of benefits for a our life. Even thought sports are necessary for a our life, the time that it allocated for sports are not enough. In a school,a sport meet is held annually. This mean for students who does not engage in any sport activity gets a chance to participate in an event once a year and normally, in a school,only 45 minutes are allocated for sports in the entire week.

In a school sometimes sports activities are not need because of the lack of infrstructure.Thai is playgrounds,courts for netball and basketball,etc.If the infrastructure facilities are improved, students may participate on sports activities more often. As above mentioned, sport activities give a considerable amount of benefits to students.A recent study has shown that engaging in sports can increase the blood flow and oxygen flow to the brain, Which will increase the brain capacity of students. Not only that, by engagin in sports, students can increase their discipline, responsibility, self-confidence, accountability and team work. Sports can develop the connections that bond people and it helps to reduce anxiety, helps to students to relax and sports can help students to deal with their failures and disappointment in life. For last, sports is about being fund, it can help students to perform better in school, relax more and worry lass,deal with setbacks,work better with other and increase your energy.



| Home | 6A | 6B | 7A | 7B | 8A | 8B | 9A | 9B | 10A | 10B | 11A | 11B | 12A |

'Little Birds' - Web Magazine in Rambuka Maha Vidyalaya - 10B (Daily life - Education)    -    Author : Wijewardana - Sri Lanka



6192 visitors since 2010-11-01
Last update : 2021-10-27

Blog-City.info >> Daily life >> Blog #16467

Create your own
WEBSITE !
PICTURES OF FRANCE


Visit France !

User #
multi-author area
(1-30)
Password :
website author area
Password :
Forgot password? - unpublish