Daily life - Education
'Little Birds' - Web Magazine in Rambuka Maha Vidyalaya - 9B



අපගේ හදපිරි ප්‍රණාමය.


අපගේ පංති කාමරයට අවශ්‍යම දෙයක් වන පරිගණකයක් ලබා දීමට කටයුතු කර සියලුම දෙනාට අපගේ හදපිරි ප්‍රණාමය.


අපගේ යුතූකම වන්නෙ හොදින් සහ පරිස්සම් කරමින් බලාගැනිමයි අපගේ පංතියට අවශ්‍ය පාඩම් වැඩවලට ඉතාම ප්‍රයෝජනවත් වන බවද අපි වැඩ කටයුතු සියල්ල සාර්ථකව කරගෙන යන බවට පොරොන්දු වන්නෙමු.


මාගෙ හදපිරි ස්තුතිය🙏🙏
මග‌ේ පංතිය

මගේ පාසල ර/රඹුක මහා විද්‍යාලයයි .,,,
මග‌ේ පංතිය වනුය‌ේ 9B පංතියයි. මාග‌ේ පංතිය‌ේ ලමයි 40ක් පමණ සිටියි. මාග‌ේ පංති භාර ගුරුවරයා වන්න‌ේ සුරංග සර්ය. ළුම‌ෙන්ම මාග‌ේ පංතිය‌ේ ලමයි ළුකමුතුව සිටියි. ළුය මාග‌ේ සිතට සතුටකි. පංති කාමරය‌ේ් අලංකාර සහ පිරිසිදුව තබා ගැනී මට අප සියලු දෙනා වග බලා ගනිති. මාග‌ේ පංති කාමරයේ සිසු/සිසුවියන් ඉතාමත් තරගකාරී ලෙස පාසල් විෂය බාහිර වැඩවල යෙදෙති.
මාග‌ේ සිතට දැනෙන්නෙ ඉතාමත් සතුටුදායක ක්‍රියා වකි...
පාසල‌ේ හ‌ොදම පංතිය,,,,
අප‌ේ පංතියයි....
ර/රඹුක ජාතික පාසල
දැක්ම
2025වර්ෂයෙදී
කොට්ඨාසයෙ
ගුණාත්මක
අධ්‍යාපනික
පාසල බවට පත්
වීම.
සිංහරාජ වානාන්තරය

සිංහරාජ වනාන්තරය යනු. ශ්‍රි ලංකා‍ෙ‍ෙව් ‍තෙත් කලාපය‍ෙ පිහිටා තිබනෙ අති සුන්දර පරිසර කලාපයකි.
මේවන විට දැඩි සංචාරකයින්ගේ නෙත ගැටෙන තැනකි.
සිංහරාජ වනයේ ඉතා වටිනා ගහ කොල සතා සිව්පා සිටිති.මේ්වන විට ගහ කොල මිනිස් ක්‍රියාකාරකම් හේතු වෙන් විනාෂයට පත් වෙමින් පවති. එය සිංහරාජයට බලපාන එක් නරක හේතුවකි. මිනිසුන් විසින් පරිසරයට මුදාහරින කැලිකසල හේතුවෙන්. විනාශයට පත් වෙමින් පවති. සිංහරාජ වනයේ වර්ෂයේ එක් කාලයකට පැමිනණෙ විදේශ කුරැල්ලන් විවිධ අලංකාරයෙන් පක්ෂිිිිිිිින්ද පැමිණනෙ නිසාවෙන් සිංරාජ වනයට එන සංචාරකයින්ගේ සිත් දිනා ගැනීමට වෙහෙසෙති.



අප සිංහරාජ වනය සුරකිමු.
9-B, අපේ පංතියේ යාඵවනේ...
ඔයාලගේ නිර්මාණ email එකකින් එවන්න.

අපේ පංතියේ email එක rmvgrade9b@gmail.com
- තරුෂ ජනිත් චතුරංග
9-B


ස්ටිීවන් හෝකින්

නීරෝගි දරැවකු ලෙස මෙල‍ොව එළිය දැක. නව යොවුන් විය‍ේ දී දරැණු ලෙස ර‍ෝගාතුර වී ඇවිදිී මේ සහ කථා කිරීමේ හැකියාව අහිමි වු ඔහු මේ කිසිවක් සිය ජීවිතයට බාධා කර ගත්තේ නැත.සැබැවින්ම ඔහුග‍ෙ ජීවිත කථාව විස්මජනක ය.ආදර්ශවත්ය.කුඩා කලපටන් ලෝකයේ පවතින සියල්ල පැහැදිලි කිරිම සදහා එක් න්‍යායක් ස‍ෙවීම සඳහා ව‍ෙහ‍ෙස වූ සහ පර්ය‍ේෂණ කළ ඔහු. සාධාරණ සාප‍ේක්ෂතාවාදය යටත‍ේ න්‍යායාත්මක සංසිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ලොව පිළගත් නව මත ඉදිරිපත් කීරීමට සමත් විය. ස්ටීවන් හෝකීන් කළු කුහරවලින් පිට වන විකරණය හෙවත් හෝකීන් විකරණය පිළිබඳ න්‍යායාත්මක සාධක රැසක් ඉදිරිපත් කළ විද්වතෙකි


ඉදහිට අපට මුහුණ දීමට සිදු වන සුළු සුළු අභියෝග මැඩපවත්වා ගත හ‍ොත් අපට න‍ො කළ හැකි දෙයක් නැති බව ඔබට වැටහෙනු ඇත.
......විදුලිය......

ශ්‍රි ලංකාවේ සෑම ප්‍රදේශයකටම විදුලිය පහසුකම් සපයා ඇත. මහවැලි. කළු. වලවේ.කැළණි යන ප්‍රධාන ගංගා ඇසුරින් ඉදිකරන ලද ජල විදුලි යෝජනා ක්‍රමවලින් විදුලිය බලය නිපදවනු ලැබේ. ලංකාවට විදුලිය සපයන මාර්ග අතර තාප විදුලිය සහ ජල විදුලිය ප්‍රධාන වේ. ර්‍රට අමතරව සූර්ය ශක්තිය වැනි පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර භාවිතය ද වර්ධනය වෙමින් පවතී.
.........ජලයේ ඇති වැදගත්කම.........

ශ්‍රි ලංකාව ජල සම්පතින් අනූන රටකි. මිනිසුන්ගේ ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ගංගා.ඇළදොළ.ළිං.වැව්.පොකුණු.නල ජලය සහා භූගත ආදි මූලාශ්‍ර භාවිත කරයි. මෙමගින් ලබා ගන්නා ජලය ආහාර පිසිිමට .බීමට ගැනිම.සනීපාරක්ෂක කටයුතු වැනි සරල අවශ්‍යතාවල සිට කෘෂිකාර්මික.කාර්මික හා බලශක්ති උත්පාදනය දක්වා ඇති සංකිිර්ණ අවශ්‍යතා දක්වා උපයෝගීකර ගනිී. සියලු දෙනාගේ ජිවමය මෙන්ම ආර්ථික කටයුතුද රඳාපවතින්නේ ජලය මතය.

මෙබඳු අවශ්‍යතා ඉටු කර ගැනීමෙදී භාවිත වන ජල මුලාශ්‍ර වර්තමානය‍ේ අපිරිසිදු වෙමින් පවතී. පානීය ජල අවශ්‍යතා සඳහා නාගරික ප්‍රදේශවල නල ජලය වැදගත් වන අතර ග්‍රාමීය ප්‍රදේශවල ළිං.පොකුණු.වැව් ආදිය වැදගත්වේ.ඒ ඒ ප්‍රදේශ අනුව ජල මුූලාශ්‍රවල වැදගත්කම තීරණය වී ඇත.

ජලය අපට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල්වලට සීමිත සම්පතකි. එම සම්පත අපතේ නොහැර ඉන් උපරිම ඵල ප්‍රයෝජන ලැබීමත් මතු පරපුරට හිමි කර දීම සඳහා ඵලදායි ලෙස භාවිත කිීරිිිිමත් අපගේ යුතුකම වේ.
......නැනෝ තාක්ෂණය......

නැනෝ පරිමාණ විද්‍යාවේ දී ගවේෂණය කෙරෙනුයේ 1-100 nm පරාසයේ ඇති පදාර්ථ පිළිබඳව ය. විශ්වාස කීරීමට නොහැකි තරම් වූ මෙම කුඩා පරිමාණයේ නව ද්‍රව්‍ය තැනීම නැනෝ තාක්ෂණය ලෙස හැඳින්වේ. මෙය නූතන විද්‍යා හා තාන්ෂණවේදයේ බෙහෙවින් ප‍ොළඹවාලන සුළු වූ ද.වේගයෙන් ඉදිරියට ගමන් කරන්නනා වූ ද ඤත්‍රයකි. නැනෝ තාක්ෂණය යනු ජීව විද්‍යාවේ සිට අභ්‍යවකාශ යානා කර්මාන්තය දක්වා වූ විවිධාකාර භාවිත සහිත තාක්ෂණයකි.


මීටර් දෙකක්
උස මිනිසකුගේ
උස නැනෝමීටර
බිලියන දෙකකි.

මීටර් 1 = නැනෝමීටර බිලියන1


අල්පෙනෙති
හිසක් තරම් වන
පුල්ලියක විෂ්කම්භය
නැනෝමිීටර
මිලියනයකි.

මිලිමීටර් 1 = නැනෝමීටර මිලියන1




DNA අණුපළල
නැන‍ෝමීටර 2.5 පමණ
වේ.

නැනෝමීටර 1

නැන‍ෝ තාක්ෂණය හා එහි භාවිත පිළිබඳව තොරතුරැ ශ්‍රි ලංකා නැන‍ෝ තාක්ෂණ ආයතනය (Sri Lanka Institute of Nanotechnology)මගින් ලබාගත හැකිය.
පූජ්‍ය හික්කඩුවේ ශ්‍රිර්‍ සුමංගල හිමි.


1827 වර්ෂයේ දී ගාල්ල ප්‍රදේශයේ හික්කඩුවේ උපත ලැබූ මෙතුමා 1840 වසරේ දී හික්කඩුවේ ශ්‍රී සුමංගල යන නාමයෙන් පැවදි වීමට ඇතුළත් විය. පූජ්‍ය වලානේ ශ්‍රී සිද්ධාර් හිමියන්ගේ අධ්‍යාපනය ලැබූ සුමංගල හිමියෝ එවකට මෙරට සි කීර්තිමත් උගතෙකු බවට පත් වූහ. 1873 වර්ෂයේ දී මාලිගාකන්දේ විද්‍යෝද්‍ය පිරිවෙන පිහිටුවීම පූජ්‍ය සුමංගල හිමියන්ගෙන් සිදු වූ විශිෂ්ට සේවයකි. 19 වන සියවසයේ අගභාගයේ පැවති බෞද්ධ පුනුරුද ව්‍යාපාරයේ කැපී පෙනෙන නායකයෙකු ලෙසද උන්වහන්සේ කටයුතු කළහ. සිදත් සඟරා සන්නස . කාව්‍යශේඛර සන්නස ආදී පොත්පත් රැසක්ද පූජ්‍ය සුමංගල හිමියන් විසින් රචනා කරන ලදී. එසේ ම 19 වන සියවස අග මෙරට අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් ද සුමංගල හිමියන් අතින් විශාල සේවයක් සිදු විය.



| Home | 6A | 6B | 7A | 7B | 8A | 8B | 9A | 9B | 10A | 10B | 11A | 11B | 12A |

'Little Birds' - Web Magazine in Rambuka Maha Vidyalaya - 9B (Daily life - Education)    -    Author : Wijewardana - Sri Lanka



6185 visitors since 2010-11-01
Last update : 2021-10-27

Blog-City.info >> Daily life >> Blog #16467

Create your own
WEBSITE !
PICTURES OF FRANCE


Visit France !

User #
multi-author area
(1-30)
Password :
website author area
Password :
Forgot password? - unpublish