Daily life - Education
'Little Birds' - Web Magazine in Rambuka Maha Vidyalaya - 11B



ආදරණිය නැන්දෙ මාමෙ 🙏🙏🙏

මා හට කුමක් කිමටද? කියාවත් සිතා ගැනීමටවත් නොහැකිය.එ මන්ද කියනවනම් ඔබලා විසින් මෙ කරන සත්කාරය වචන වලින් කියා නිම කළ නොහැකියි.ඔබලා මෙ අපි වෙනුවෙන් කරන මෙ මහගු උපකාරයට ස්තුති කිරිමට වචනත් නැති තරම් නැන්දෙ මාමෙ ඒ තරම්ම ඔබලා අප වෙනුවෙන් මෙම කරන උපකාරය ඉමහත්ය.අප වැනි දූෂ්කර පළාත් වලට පැමිණ මෙවන් ආකාරයෙ පහසුකම් නොමැති දරුවන් හට මෙම ආකාරයෙ පහසුකම් ලබාදීම පිළිබඳව අප පන්තියේ සියලුම සිසුසිවියන් වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙමි. ඒ වගේම මේ කරන උපකාරය අප සියලු දෙනාගෙම අනාගත සුබ සාධනව වෙනුවෙන් උපයොගි කරගන්නා අතර එමගින් වෙලා ගත හැකි උපරිම අස්වැන්න ලබා ගැනීමටත් එමගින් අනාගතය යහපත් කර ගන්නා බවටත් පොරොන්දු වන්නෙමු.පන්ති කාමරයේදීද ගුරුවරුන් හා එක්ව කටයුතු කිරීමට පොරොන්දු වන්නෙමු.ආදරණිය නැන්දෙ මාමෙ මා හට ඔබලා මෙ සත්කාරය පිළිබඳ කියා නිමකල නොහැක.කෙසෙ වෙතත් අපිට ඔබලා වෙනුවෙන් කල හැකි උපරිම කාර්යය වන්නේ මෙමගින් අපගේ වැඩකටයුතු සාර්ථක කර ගනිමින් අපගේ අනාගතය යහපත් කර ගැනීමයි.මම සිතන ආකාරයට එලෙස ක්‍රියාත්මක කිරිමෙන් ඔබලාගේද සිත් සතුටු වනු ඇතැයි මම සිතමි.
මට තවත් කිමටනම් බොහොමයි.කෙසෙ කියන්නද? කියා සිතාගත නොහැක එතරම්ම අපි සියලු දෙනා හට සතුටුයි.කිමට නොහැකි උනත් අපි ක්‍රියාවෙන් එය ඔප්පු කර සිටින්නෙමු.
බොහොම පින් නැන්දෙ මාමෙ 🙏🙏
A Visit to a Place Of historical interest
Last Year I got a Chance to visit a very nice place of historical value in our Country .Most of Srilanka as well as foreigners from so many countries come to visit this nice place.
Sigiriya eight place of World Wonder .It has been built by King Kashape , to be protect from his brother Mugalan .This Place is 300m high and amount of there are three acres.
There is a cave of the rock and so many pictures in It. That is the place kurutu geetha have been written sigiriya is very famous for kurutu geetha.
I am very happy that I was able to visit this place and I hope to visit it again.


දෙඅප සියලු දෙනා පොඩි කාලේ පටන් බොහෝ රජවරු පිළිබද අසා ඇත.අප රට වෙනුවෙන් බොහෝ සේවාවන් සිදුකල රජවරු දක්නට ඇත.කිහිප දෙනෙක් නම් දුටුගුැමුණු රජතුමා,මහසෙන් රජතුමා,වසභ,රජතුමා,ධාතුසේන රජතුමා,නිශ්ශංකමල්ල රජතුමා හා දෙවන පරාක්‍රමබාහු රජතුමා උදාහරණ වශයෙන් ගත හැක.මේ අතරින් කිහිපයක් පිළිබද හදාරා බලමු.
අපට වැසිකිළියක්
සිංහල සාහිත්‍ය වංශයෙහි සුවිශේෂ කෙටිකතාකරුවකු ලෙස විචාරක අවධානය දිනා ගත් කේ.ජයතිලක මහතා කිරිදිවැල රදාවානේදිිි 1926.06.27 දින උපත ලබා ඇත.රදාවාන පිරිමි පාසලෙන් මුුලික අධ්‍යාපනය ලද ඔහු ස්වෝත්සාහයෙන් පාලි භාෂාව පිළිබදව ද මනා පරිචයක් ඇති කර ගත්තේය.පසුව හෙතෙම ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශෘස්ත්‍රවේදි උපාධිය ද දිනා ගත්තේය.කේ.ජයතිලකගේ මුල්ම කෙටිකතා සංග්‍රහය වන්නේ පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා කෘතිය යි.මෙම කෙටිකතා සංග්‍රහය පළ වන්නේ 1955 වසරේදිි ය.එකගෙයි අවුරුද්ද,නොනිමි සිත්තම හා තවත් කෙටි කතා.අතිිරණය,වජිර පබ්බත,කටු සහ මල් මෙතුතාගේ සෙසු කෙටි කතා සංග්‍රහ අතර වේ.
පුංචිරාළ,පුංචිරාළගේ මරණය,රාජපක්ෂ වලව්ව,මතු සම්බන්ධයි,මායා මාලිගා,කාලෝ අයං තේ,චරිත තුනක්,දෙලොවට නැති අය,පරාජිතයෝ,පිතාමහ වැනි නවකතා රැසක් ද නිර්මාණය කළ කේ.ජයතිලක ඒ අතරින් චරිත තුනක්,පිතාමහ,පුංචිරාළ,මතු සම්බන්ධයි යන නවකතා සදහා රාජ්‍ය සම්මාන හිමි කර ගෙන ඇත.ඉස්සරහ බලන්නෝ,පුංචි වලාකුළ සහ පුංචි පුතා,ඉරුණු බළලා,ඩුං ඩුං ඩුඩුං ඩුං,කතන්දර පොත,අයියයි නංගියි,ඔරලෝසුවා සහ ලස්සන ළමයි,වන සටන,අමුතු කතා,රුවන් කුමාරි යන කෘති,කේ.ජයතිලකයන් අතින් බිහි වුුයේ ළමා පරපුර වෙනුවෙනි.
සාහිත්‍ය විචාර,දර්ශනවාද,ස්වකිිය අත්දැකිිම් හා නිර්මාණකරණය බදු කේෂ්ත්‍රයන් සදහා ද ග්‍රන්ථ රැසක් රචනා කර ඇති මෙතුමා ලේඛකයකු එක් වරක් පමණක් පිදුම් ලබන"සාහිත්‍ය රත්න" සම්මානයෙන් ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පිරිනැමෙන සාහිත්‍ය සුුරි සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය.
"අපට වැසිකිළියක්"මෙතුමාගේ නොනිමි සිත්තම හා තවත් කෙටිකතා සංග්‍රහයෙහි එන නිර්මාණයකි.
නැනෝ තාක්ෂණය පිළිබද තොරතුරු බිදක්
නැනෝ තාක්ෂණය වර්තමානයේ ලොව පුරාම අවධානයට, සාකච්ඡාවට, ප‍රීක්ෂණ වලට වගේම අභියෝගයට ලක්වී ඇති ක්ෂේත්‍රයකි. විවිධ ක්ෂේත්‍ර තුළ මේ ගැන ප‍රීක්ෂණ සිදු කෙරෙමින් පවතී. මෙය නිසා ලොව පුරාම විශාල වෙනසක්, පුදුම සහගත පෙරළියක් සිදුවෙතැයි සියළු දෙනා බලාපොරොත්තු වෙති. ගල් යුගයෙන් අරඹා, ගින්ද‍ර සොයාගෙන, රෝදය නිෂ්පාදනය කර, ක්‍රම ක්‍රමයෙන් දියුණු වී ලෝහ සොයා ගැනීමත් සමඟ කෘෂි කර්මාන්තයේ හා අනෙකුත් ක්ෂේත්‍ර වල විශාල දියුණුවක් සිදු විය. ඉන් පසු කාර්මික විප්ලවය සමඟ තවත් නව සොයා ගැනීම්, දියුණු කිරීම් සිදු විය. මේ එම කාර්මික විප්ලවයේ ඊළඟ අදියරයි, නැනෝ තාක්ෂණය හ‍රහා සිදු වීමට යන දියුණුව.නැනෝ යනු "අගුටුමිටි" යන අදහස දෙන වචනයකි. නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙමන් නම් භෞතික විද්‍යාඥයා හ‍රහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවේය.

කුඩා බව, වේගවත් බව හා ලාභදායිකම නිසා නැණෝ තාක්‍ෂණය ලොව පුරා ජනප‍්‍රියව පවතී. නැණෝ මීටරය එහි වූ මිණුම් දණ්ඩයි.

අප හඳුනන මීටරයකින් බිලියනයකින් එක් කොටසක් වූ නැණෝ මීටරයක විෂ්කම්භය අපගේ කෙස් ගසක විෂ්කම්භයට වඩා 50,000 වාරයකින් කුඩා ය. නැණෝ අංශුවක් එල්ලේ ක‍්‍රීඩා කරන පන්දුවක් සමඟ සසදා බලන්නේ නම් එල්ලේ පන්දුව නැණෝ අංශුව මෙන් 107 වාරයක් (10,000,0000) විශාලය.


නැනෝ ප්‍රමාණ පිළිබද සංසන්දනයක්
ප‍්‍රමාණය එසේ වුවද, නැණෝ තාක්‍ෂණික නිමැයුම් හා ද්‍රව්‍ය ගැන සලකා බැලීමේ දී, ඒවායේ වු සැහැල්ලූ බව, ශක්තිමත් බව, විනිවිදභාවය සහ කි‍්‍රයාශීලිභාවය, ඉක්මන් ප‍්‍රතික‍්‍රියාකාරීභාවය වැනි ගුණාංග සහ වෙනත් ද්‍රව්‍ය හා මිශ‍්‍ර කිරීමෙන් පසු එකී ද්‍රව්‍යයන්ට ලබාදෙන අතිමහත් ශක්තිය හා කාර්යක්ෂම බව නැණෝ තාක්‍ෂණය කෙරේ ලෝකයේ ම අවධානය යොමු වීමට හේතු විය.

වර්ෂ 2015 දී සපුරා ගත යුතු ඉලක්ක කේන්ද්‍රකොට ගනිමින් වර්ෂ 2010 දී ජර්මනිය දියත් කළ පස් අවුරුදු නැණෝ තාක්‍ෂණ අභිවෘද්ධි කි‍්‍රයාන්විතය සඳහා වෙන් කරන ලද මුදල යුරෝ මිලියන 400 කි. මෙම මුදල නැණෝ තාක්‍ෂණය වැඩි දියුණු කිරීම උදෙසා බටහිර යුරෝපීය රටක් වෙන්කළ විශාලම මුදල සේ සැලකේ.

බලශක්තිය, දේශගුණය, සෞඛ්‍යය සහ ආහාර, ආරක්‍ෂාව සහ සංචලනය (mobility) යන ක්‍ෂ්ත‍්‍රයන්හි සංවර්ධනය සහ අධි තාක්‍ෂණික උපාය මාර්ග වැඩි දියුණු කිරීම, නැණෝ තාක්‍ෂණික ක‍්‍රමවේදයන් තුළින් තම දේශය වෙත දිනා ගැනීම එහි අපේක්‍ෂාව යි.

ජර්මනිය හැරුණ විට නැණෝ තාක්‍ෂණය උදෙසා විශාල මුදලක් වාර්ෂිකව වෙන් කරනු ලබන අනෙක් රට වන්නේ චීනයයි. එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 කි. රුසියාව වාර්ෂිකව ඩොලර් මිලියන 25 ක් ද, අපේ අසල්වැසි ඉන්දියාව වසරකට ඩොලර් මිලියන 23 ක්ද, නැණෝ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වැය කරයි
Value of the Internet
It is obvious that almost everything in the world has advantages and disadvantages.Similarly,the Internet also has advantages and disadvantages.In recent times,more disadvantages have been repotred in the press.Some school children committed suicide because of the some parts of the internet especially Facebook.
Due to the advancement of science and technology,small children can also operate a computer older children spend much of their time sitting in front of the computer browsing the internet.As the result most of the children have vision problems.
At present people can get more imporant through the internet.The internet provides unlimited knowledge.We can get to know Hot news going on the world within short period nowadays teachers also advises stuents to use the internet to gather information.
But most of the students have tendered to use the internet for entertainment.It is used in differnt sectors such a banking,education,health and security,students watching time by wasting unnecessary movies and songs and also they wast time playing games for houres.
As young students it is our responsibility to use the internet wisely.

අද වන විට උත්ගත වි ඇති වෛරස තත්ත්වය පිළිබදව...
කොරෝනා වෛරස යනු වෛරස කාණ්ඩයකි. කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් ලෝ පුරා පැතිර යමින් පවතී මෙය මුලින් ම චීනයෙන් ව්‍යාප්ත වී ඇත .corona virus යනු සතුන් අතර බහුලව දක්නට ලැබෙන විශාල වෛරස් වර්ග සමූහයකි.SARS virusකුලයට මෙය අයත් වේ.කොරෝනා වෛරසය මිනිසාට හා කුරුල්ලන් ඇතුළු ක්ෂීරපායින්ගේ රෝග ඇති කරන වෛරස කාණ්ඩයකි.මිනිසුන් තුළ වෛරසය ශ්වසන ආසාදනයන් ඇති කරයි.නමුත් දුර්ලභ අවස්ථාවන්හිදී මාරාන්තික විය හැක.එළදෙනුන්ට හා ඌරන්ට පාචනය ඇති වන අතර පක්ෂීන් හට ඉහළ ශ්වසන ආසාධන ඇති කරයි.වැළැක්වීම හෝ ප්‍රතිකාර කිරීම සඳහා අනුමත කරන ලද එන්නත් හෝ ප්‍රතිවෛරස තවම සොයාගෙන නොමැත.


සොයාගැනීම
කොරෝනා වයිරස් 1960 ගණන්වලදී සොයා ගන්නා ලදී. සොයාගත් මුල්ම ඒවා වන්නේ කුකුළන් තුළ බෝවන බ්රොන්කයිටිස් වෛරසය සහ සෙම්ප්‍රතිශ්‍යාව ඇති මිනිස් රෝගීන්ගේ නාසික කුහර වලින් වෛරස් දෙකක් වන අතර පසුව ඒවා මානව කොරෝනා වයිරස් 229 ඊ සහ මානව කොරෝනා වයිරස් ඕසී 43 ලෙස නම් කරන ලදී. 2003 සිට SARS-CoV, 2004 දී HCoV NL63, 2005 දී HKU1, 2012 දී MERS-CoV, සහ 2019 දී 2019-nCoV ඇතුළුව මෙම පවුලේ අනෙකුත් සාමාජිකයින් හඳුනාගෙන ඇත; මේවායින් බොහොමයක් බරපතල ශ්වසන ආසාදන ඇති කිරිම සිදුකරයි.

නාමකරණය
"කොරොන වයිරස්" යන නම ලැබුනේ ලතින් කොරෝනා වලිනි, එහි අර්ථය ඔටුන්න හෝ හැලෝ යන්නයි, එයින් අදහස් කරන්නේ වෛරස් අංශුවල (virions) ලක්ෂණික පෙනුමයි: ඔටුන්නක් හෝ සූර්ය කිරීටයක් ලෙස පෙන්නුම් කරයි.

සියළුම කිරීටක වයිරසවල සමස්ත ව්‍යුහයට දායක වන ප්‍රෝටීන වන්නේ ස්පයික් (එස්), කවරය (ඊ), පටලය (එම්) සහ නියුක්ලියෝ කැප්සිඩ් (එන්) ය. SARS කිරීටක වයිරසයේ නිශ්චිත අවස්ථාවෙහිදී (පහත බලන්න), S හි නිර්වචනය කරන ලද ප්‍රතිග්‍රාහක බන්ධන වසම මඟින් වෛරසය එහි සෛලීය ප්‍රතිග්‍රාහක ඇන්ජියෝටෙන්සින් පරිවර්තනය කරන එන්සයිම 2 (ACE2) සමඟ සම්බන්ධ කිරීමට මැදිහත් වේ. [8] සමහර කිරීටක වෛරස් (විශේෂයෙන් බීටාකෝරෝනා වයිරස් උප සමූහයේ සාමාජිකයින්) හි හේමාග්ග්ලුටිනින් එස්ටරේස් (HE) නමින්ද කෙටි ස්පයික් වැනි ප්‍රෝටීන ද ඇත.[4]

අනුරූකරණය
කොරෝනා වයිරසයේ ආසාදන සෛල ඇතුල් වීමෙන් පසුව, වෛරස් අංශුව නිරාවරණය නොවන අතර එහි ජෙනෝමය සෛල සයිටොප්ලාස්මට ඇතුල් වේ.

කොරෝනා වයිරස් ආර්එන්ඒ ජෙනෝමය 5 ′ මෙතිලයිට් කැප් එකක් සහ 3 ′ පොලිඇඩිනයිලේටඩ් වලිගයක් ඇති අතර එමඟින් ආර්එන්ඒ පරිවර්තනය සඳහා රයිබසෝම සමඟ සම්බන්ධ වීමට ඉඩ සලසයි.

කොරොන වයිරස් ජෙනෝමය මඟින් ප්‍රතිවිකුණුම් නම් ප්‍රෝටීනයක් සංකේතවත් කරන අතර එමඟින් ධාරක සෛල යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් වෛරස් ජෙනෝමය නව ආර්එන්ඒ පිටපත් වලට සම්ප්‍රේෂණය කිරීමට ඉඩ ලබා දේ. අනුරූකරණය පළමු ප්රෝටීන් වේ; අනුරූපය ජාන කේතනය කළ පසු පරිවර්තනය නැවතුම් කෝඩෝනයකින් නතර වේ. මෙය කැදැලි පිටපතක් ලෙස හැඳින්වේ. එම්ආර්එන්ඒ පිටපත එක් ජානයක් පමණක් සංකේතවත් කරන විට එය මොනොසිස්ට්‍රොනික් වේ. කොරෝනා වයිරස් ව්‍යුහාත්මක නොවන ප්‍රෝටීනයක් ප්‍රතිවර්තනය සඳහා අමතර විශ්වාසයක් සපයයි, මන්ද එය සෝදුපත් කියවීමේ ශ්‍රිතයක් සපයන අතර එය ආර්එන්ඒ මත යැපෙන ආර්එන්ඒ පොලිමරේස් එන්සයිමවල පමණක් නොමැත.

ජෙනෝමය ප්‍රතිවර්තනය කර දිගු පොලිප්‍රෝටීන් සාදනු ලැබේ, එහිදී සියලුම ප්‍රෝටීන සම්බන්ධ වේ. කොරෝනා වයිරස වල ව්‍යුහාත්මක නොවන ප්‍රෝටීනයක් ඇත - ප්‍රෝටියේස් - එය පොලිප්‍රෝටීන ඉවත් කිරීමට සමත් වේ. මෙම ක්‍රියාවලිය ජාන ආර්ථිකයේ එක් ආකාරයක් වන අතර, නියුක්ලියෝටයිඩ කුඩා සංඛ්‍යාවක වැඩිම ජාන සංඛ්‍යාවක් කේතනය කිරීමට වෛරසයට ඉඩ සලසයි.



රෝගය වැළක්වීම -

වෛරසය පැතිරියන කාල වකවානුව තුල ජනාකීර්ණ වු ප්‍රදේශ වල ගැවසිමෙන් වලකින්න. මෙගින් රෝගය පැතිරිම අඩුකරගත හැකිය.
ඔබේ දෑත් අවම වශයෙන් තත්පර 20ක් හෝ සබන් ගා පිරිසිඳු ජලයෙන් සෝදන්න.
කැස්ස සහ කිවිසුම් යන අවස්ථාවන්හිදී ඔබේ නාසය සහ මුඛය ආවරණය කරගන්න. එයට භාවිතා කරන ලේන්සුව හෝ ටිෂු එක වහාම කුණු බදුනකට දමා අත් සෝදා ගන්න.
දොරගුල වැනි නිතර ස්පර්ශ වන ස්ථාන වල විෂබීජ නාසනය සිදු කරන්න.
පිරිසිඳු නොකළ දෑත් මගින් ඔබේ නාසය, මුඛය හෝ මුහුණ ඇල්ලීමෙන් වලකින්න.
රෝගය වැළඳුණු පුද්ගලයන් සමග ඔබගේ භාණ්ඩ හුවමාරුවෙන් වලකින්න.
රටපුරා සංචාරය කිරීම මගින් රෝගය ඇතිවීමේ අවධානම වැඩිවිය හැක. එම නිසා ප්‍රවේශම් වන්න.
හොදින් උතුරවා නිවාගත් පිරිසිදු ජලය පානය කිරිම.
මස්මාංශ වර්ග හා බිත්තර අනුභවයේදි ආහාරය හොදින් පිස ගැනීම.


මුලික රෝගි ලක්ෂණ - උණ,කැස්ස හා ශ්වසන අපහසුතා.මෙයට අමතරව ඔක්කාරය,වමනය,සාමාන්‍ය සිතල,විඩා ගතිය,උගුරේ අපහසුතාව,වෙව්ලිම හා ⁣සෙම ගතිය දක්නට ලැබේ. මෙය බොහෝදුරට නියුමෝනියා රෝග ලක්ෂණ වලට පොදු වන අතර, සමහර අවස්ථාවන්හිදි වකුගඩු වලට හානි පමුණුවයි.


කොරෝනා වෛරසයේ දරුනු තත්වය

නියුමෝනියාව
වකුගඩු අක්‍රියතාවය
මරණය

දැනට පවතින ප්‍රතිකාර ⁣ලෙස - දියර වර්ග ලබාදිම, ශ්වසන අපහසුතා ඇති අය සදහා ඔක්සිජන් ප්‍රතිකාරය හා වේදනා නාශක ලබාදිම සිදුකරයි.පිරිසිදු ජලය හොදින් පානය කිරිමට ලබාදිම. හැකි තරම් විවේකය ලබා දිම.



| Home | 6A | 6B | 7A | 7B | 8A | 8B | 9A | 9B | 10A | 10B | 11A | 11B | 12A |

'Little Birds' - Web Magazine in Rambuka Maha Vidyalaya - 11B (Daily life - Education)    -    Author : Wijewardana - Sri Lanka



6132 visitors since 2010-11-01
Last update : 2021-10-27

Blog-City.info >> Daily life >> Blog #16467

Create your own
WEBSITE !
PICTURES OF FRANCE


Visit France !

User #
multi-author area
(1-30)
Password :
website author area
Password :
Forgot password? - unpublish